30 C
Colombo
Monday, July 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබිම්මල් කෑ තිදෙනෙකු මියයාමේ සිද්ධියට ඕස්ට්‍රේලියානු කතක් අත්අඩංගුවට

බිම්මල් කෑ තිදෙනෙකු මියයාමේ සිද්ධියට ඕස්ට්‍රේලියානු කතක් අත්අඩංගුවට

බිම්මල් ආහාරයට ගැනීමෙන් ඇති වූ සංකූලතාවක් හේතුවෙන් තිදෙනෙකු මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ජූලි මාසයේදී වික්ටෝරියානු ප්‍රාන්තයේ ලියොන්ගාතා නගරයේ දිවා ආහාරයක් සඳහා සහභාගී වීමෙන් අනතුරුව මොවුන් තිදෙනා රෝගාතුර වී ඇති බවයි.

එහිදී ආහාර ලබා ගත් තවත් පුද්ගලයෙකු අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කර ඇති අතර එම සිද්ධිය සම්බන්ධයෙන් දිවා ආහාරය සැකසූ කාන්තාව වන එරින් පැටර්සන් අද (02) අත්අඩංගුවට ගෙන ඇත.

49 හැවිරිදි එරින් පැටර්සන්, තමන් නිර්දෝෂී බව තරයේ කියා සිටින අතර වික්ටෝරියා පොලීසිය පවන්නේ ඇගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බවත් ඇය ගේ නිවසේ සෝදිසි වරෙන්තුවක් ක්‍රියාත්මක කර ඇති බවත්ය.

ඇය පොලීසිය හමුවේ පවසා ඇත්තේ තමා සුපිරි වෙළෙඳසලකින් මිල දී ගත් හතු විශේෂයක් භාවිත කරමින් ‘බීෆ් වෙලින්ටන් පයි’ එකක් පිසූ බවයි.

මෙම දිවා ආහාරය සඳහා සිව්දෙනෙකු සහභාගි වී ඇති අතර ඔවුන් සියලු දෙනා ඇයගේ නෑදෑයන් බවයි අනාවරණය වී ඇත්තේ.

ආහාර ලබා ගැනීමෙන් පසු ඇති වූ සංකූලතා හේතුවෙන් මෙම සිව් දෙනා පසුගිය ජූලි 30 වැනිදා රෝහල්ගත කර ඇති අතර රෝහල්ගත වී දින කිහිපයකින් 70 හැවිරිදි යුවළක් සහ 66 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇත.