― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsබොබ් මාලි අත්අඩංගුවට

බොබ් මාලි අත්අඩංගුවට

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තුන්දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කලුදුර චමින්ද නොහොත් බොබ් මාලි ඇතුළු සැකකරුවන් තුන් දෙනෙකු ඒ අතර වන බවයි පොලිසිය සඳහන් කළේ.

ගාල්ල වීරපාන ප්‍රදේශයේ නිවසක සිටියදී මෙම සැකකරුවන් අද පොලිස් අත්අඩංගුවට පත්වී තිබෙනවා. 43 හැවිරිදි මෙම සැකකරු බලපිටිය ප්‍රදේශයේ අයෙක් වන අතර මාළඹේ ප්‍රදේශයේ පදිංචිව සිටින අයෙක් බව සඳහන්.

පසුගිය 2021 වසරේදී නාවික හමුදාව අත්අඩංගුවට ගත් විශාලතම හෙරොයින් තොගය රැගෙන ඒමට මෙම බොබ් මාලි නම් සැකකරු සම්බන්ධ බවට පොලිසිය හෙළි කරගෙන තිබෙනවා.

මෙම සැකකරුගේ බිරිඳ වන ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි කාන්තාවක් මෙන්ම 27 හැවිරිදි චීවරධාරියෙක් ද ඕපාත පොලිසිය කළ වැටලීමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් සිටි නිවස කුලී පදනම මත ලබාදී තිබූ 62 හැවිරිදි පුද්ගලයෙක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් චීවරධාරියා කැලණිය බතලහේනවත්ත ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කරමින් සිටි අයෙක් බව ද සඳහන්.

ඕපාත පොලිසියට ලැබුණු තොරතුරකට අනුව අද දහවල් ස්ථානාධිපතිවරයාගේ මූලිකත්වය යටතේ මෙම වැටලීම සිදුකර තිබෙනවා. සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.