32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමද්දක් නිසා අපා දුක් විඳි සද්දන්තයාට සැත්කමක්

මද්දක් නිසා අපා දුක් විඳි සද්දන්තයාට සැත්කමක්

වන අලියෙකුගේ පාදයට වැටී තිබූ වානේ කම්බි මද්දක් මහත් පරිශ්‍රමයකින් පසු ඉවත් කිරීමේ පුවතක් කවුඩුල්ලෙන් වාර්තා වෙනවා.

අප වාර්තාකරු පැවසුවේ මීට මසකට පමණ ඉහතදී කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ ජීවත්වන වන අලියෙකුගේ ඉදිරි වම් පාදයට වැටී තිබූ වානේ කම්බි මද්දක් මතින් මස් ලියලීම නිසා අලියාට ඇවිද ගැනීමට පවා නොහැකිව ඉතාමත් අපහසුතාවයෙන් දිවි ගෙවා ඇති බවයි.

එම වන අලියා ආහාර සොයා යන අවස්ථාවේදී මහවැලි ඪ් කලාපයට අයත් ඇටඹ ඔය දහම් වැව ගම්මානයේදී ජනතාව දැක ඇති අතර ඒ පිළිබඳව වනජීවී නිලධාරීන් දැනුවත් කර තිබෙනවා.

ඉන්පසු ඊයේ (01) දිනයේදී ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය රෝහලේ වෛද්‍ය සමීර කලිඟුආරච්චි ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායම එකතුව එම වන අලියා නිර්වින්දනය කොට පාදයට වැටී තිබූ කම්බි මද්ද පැය තුනක පමණ මෙහෙයුමකින් පසු ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

පාදයට වැටී තිබූ එම කම්බි මද්ද මතින් අලියාගේ මස් වැඩීම නිසා දැඩි අපහසුතාවයකින් යුතුවයි වන අලියා කල් ගෙවා ඇත්තේ. වනෝද්‍යානයට ඇතුළු වී සතුන් දඩයම් කිරීම සඳහා අටවන ලද කම්බි මද්ද සත්ත්වයාගේ පාදයට වැටී කැඩී යාම හේතුවෙන් අලියාගේ පාදයට හානි සිදුව තිබේ.