26.7 C
Colombo
Monday, August 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රමදානයක් අතරතුර විදුහල්පතිට ගුටි දීලා

ශ්‍රමදානයක් අතරතුර විදුහල්පතිට ගුටි දීලා

ශ්‍රමදානයක් අතරතුර ඇති වූ බහින් බස්වීමකින් පසුව විදුහල්පතිවරයෙකුට සිදුකළ පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගිරිඋල්ල පොලිසිය විමර්ශනයක් ආරම්භකර තිබෙනවා.

මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ දඹදෙණිය සාරභූමි විදුහලේ විදුහල්පතිවරයා බවයි තොරතුරු වාර්තා වුණේ.

ඊයේ (01) දිනයේ පාසලේ ශ්‍රමදානයක් පවත්වා ඇති අතර ඒ සඳහා පාසලේ ඉගෙණුම ලබන දරුවන්ගේ මව්පියන් සහභාගී වී තිබෙනවා. ශ්‍රමදානය පැවැත්වෙන අතර තුර එයට සහභාගී වෙමින් සිටි අයෙකු සහ විදුහල්පතිවරයා අතර වචන හුවමාරුවක් සිදුව ඇති අතර ඉන් අනතුරුව මෙම පහරදීම සිදුකර ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙම පහරදීම සම්බන්ධයෙන් විදුහල්පතිවරයා විසින් ගිරිඋල්ල පොලිසියට පැමිණිල්ලක් සිදුකර ඇති අතර සැකකරු තවමත් අත්අඩංගුවට ගෙන නොමැති බවයි වාර්තා වුණේ.