― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsශ්‍රී ලංකාවට නින්දා සහගත පරාජයක්

ශ්‍රී ලංකාවට නින්දා සහගත පරාජයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සමග පැවති තරගයෙන් ඉමිහිරි පරාජයක් අත්කර ගැනීමට අද ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුණා.

තරගය පැවැත්වුනේ මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගණයේදීයි. තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් ලකුණු 358ක ඉලක්කයක් හිමිවුව ද පන්දුවාර යි පන්දු ක් අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායමට සියලුදෙනා දැවී ලබා ගැනීමට හැකිවුයේ ලකුණු ක් පමණයි.

පිළිතුරු ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස පැතුම් නිස්සංක පළමු පන්දුවෙන්ම දවා ගැනීමට ජස්ප්‍රිට් බුම්රා සමත්වුණා. දෙවන කඩුල්ල ලෙස කිසිදු ලකුණක් නොලබා සිටි දිමුත් කරුණාරත්න දෙවන පන්දු වාරයේ පළමු පන්දුවෙන් දැවී ගියේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 2ක්ව තිබියදීයි.

දෙවන පන්දු වාරයේ 5 වන පන්දුවෙන් සධීර සමරවික්‍රම දවා ගැනීමට මොහොමඩ් සිරාජ්ට හැකියාව ලැබුණා. ශ්‍රී ලංකා කණ්ඩායමේ හතරවන කඩුල්ල ලෙසට කුසල් මෙන්ඩිස් දැවී ගියේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 3ක්ව තිබියදීයි. 9 වන පන්දු වාරයේ 4 වන පන්දුවෙන් සහ 5 වන පන්දුවෙන් චරිත් අසලංක සහ දුෂාන් හේමන්ත පිටියෙන් ඉවත් කිරීමට මොහොමඩ් ශාමිට හැකියාව ලැබුණා. ඒ වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව සටහන්ව තිබුණේ කඩුලු 6කට ලකුණු 16ක් ලෙසින්.

පන්දුවාර 11යි පන්දු 3කදී 7 වන කඩුල්ල ලෙසට දුෂ්මන්ත චමීර පිටියෙන් ඉවත්වුණා. ඒ වන විට ශ්‍රී ලංකාව ලබා සිටි ලකුණු සංඛ්‍යාව 22ක්. 8 වන කඩුල්ල ලෙසට ඇන්ජෙලෝ මැතිව්ස් දැවී ගියේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 29ක්ව තිබියදීයි. ලකුණු 49ක්ව තිබියදී ශ්‍රී ලංකා කණ්ඩායමේ 9 වන කඩුල්ල ලෙසට කසුන් රාජිත ක්‍රීඩාගාරයට හරවා යැවීමට මොහොමඩ් ශාමිගේ පන්දුවකට හැකියාව ලැබුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 357ක් රැස් කළා.

ආරම්භක පිතිකරු ශුබ්මන් ගිල් පන්දු 92කින් ලකුණු 92ක් ලබා සිටියදී දිල්ෂාන් මදුෂංකගේ පන්දුවක් හමුවේ දැවී ගියා. ඔහුගේ ලකුණු 92ට හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් ඇතුලත් වුණා. විරාත් කෝලි ලකුණු 88යි. ඔහුගේ ලකුණු 88ට හතරේ පහර 11ක් ඇතුලත්. ශ්‍රෙයාස් අයියර් ලකුණු 82යි. පන්දු යැවීමේදී දිල්ෂාන් මදුෂංක කඩුලු 5ක් බිඳහෙලුවා