― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot News400කට වැඩි පිරිසක් ගාසා තීරයෙන් පිටවෙයි

400කට වැඩි පිරිසක් ගාසා තීරයෙන් පිටවෙයි

සති තුනකට වැඩි කාලයකින් පසු පළමු වතාවට ඊජිප්තුව රෆා දේශසීමා මාර්ගය සිවිල් වැසියන්ට විවෘත වීමත් සමඟ 400 කට වැඩි පිරිසක් ගාසා තීරයෙන් පිටව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විදේශ ගමන් බලපත්‍ර හිමියන් 335 දෙනෙකු සහ තුවාල ලැබූ ගාසා වැසියන් 76 දෙනෙකු මේ වන විට ගසා තීරණයෙන් මෙලෙස පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

නිලධාරීන්ට අනුව, මෙලෙස පිටව ගිය අය අතර, බ්‍රිතාන්‍ය සහ එක්සත් ජනපද විදේශ ගමන් බලපත්‍ර හිමියන් ද වන බව සඳහන්.

මේ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පවසන්නේ ගාසා තීරයේ ජබාලියා සරණාගත කඳවුරට ඊශ්‍රායල ප්‍රහාර එල්ල කිරීම ‘යුද අපරාධවලට තුඩු දිය හැකි අසමාන ප්‍රහාර’ විය හැකි බවයි.

විදෙස් වාර්තා සඳහන් කළේ ජබාලියා ප්‍රහාරවලින් පුද්ගලයින් 195ක් ජීවිතක්ෂයට පත්ව තවත් 120ක් අතුරුදන්ව ඇති බවයි.

පසුගිය ඔක්තෝබර් 07 වැනිදා සිට ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් අවම වශයෙන් පලස්තීනුවන් 8,805ක් පමණ මේ වනවිට මිය ගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා.

එමෙන්ම මෙලෙස මියගිය පිරිස අතර ළමුන් 3,500 කට වැඩි ප්‍රමාණයක් සිටින බවට එක්සත් ජාතීන්ගේ ළමා ඒජන්සිය පවසනවා.