30 C
Colombo
Friday, December 8, 2023

කරුණු 04ක් යටතේ ක්‍රිකට් ආයතනය කරුණු විමසයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කිරීමේ කාර්‍යය මණ්ඩලයෙන් සහ ක්‍රීඩකයින් තේරීම් කමිටුවෙන් තරග පරාජයට පැහැදිළි මෙන්ම කඩිනම් පිළිතුරු සැපයීමක් බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ ඊයේ සවස ඉන්දියාවට එරෙහිව වන්කඩේ ක්‍රීඩාංගණයේදී ලැබූ අවමන්සහගත පරාජය හමුවේ, මේ වනවිට කණ්ඩායමේ දක්‍ෂතාව පිළිබඳව විවිධ පාර්ශ්ව විසින් ප්‍රශ්න කරමින් ඇති බවයි.

ඊට අනිවාර්යයෙන්ම පිළිතුරු බැඳීම සිදු කළ යුතු බවත් ඉන්දියාවට එරෙහිව ලැබූ පරාජය කලකිරීමෙන් හෙළාදකින බවත් එම නිවේදනයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවධාරණය කර තිබෙනවා.

මේ හේතුවෙන් හදිසි මෙන්ම සවිස්තරාත්මක හේතු දැක්වීමක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පුහුණු කාර්‍යය මණ්ඩලයෙන් ඉල්ලා සිටිනවා. 2023 ලෝක කුසලානයට සුදුසුකම් ලැබීම රටක් වශයෙන් ආඩම්බර කරුණක් වුවද, කණ්ඩායමේ දස්කම් පවතින විටකදී පවා, මෑතකාලීන ව දක්ෂතා දක්වමින්, යළි යළිත් ඒවා අමතක කරමින්, සිදුවන කම්පනසහගත පරාජයන් සම්බන්ධයෙන් හේතු විමසීම සැලකිය යුතු ප්‍රශ්නයක් මතු කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකාරීත්වය කිසිවිටෙකත් ප්‍රමිති සහ රෙගුලාසිවලට අනුව වෘත්තීය කාර්යය මණ්ඩලයට හෝ ක්‍රිකට් ක්‍රීඩකයින්ට බාධා කිරීම් නොකළ බව ද නිකුත් කළ නිවේදනයේ සඳහන්.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වගවීම, විනිවිදභාව සහ විෂය කරුණු කඩිනමින් විසඳීමේ වැදගත්කම පිළිබඳ ව තරයේ විශ්වාස කරන හෙයින් සමස්ත පුහුණු කාර්ය මණ්ඩලයේ පැහැදිලි කිරීමක් සඳහා වන මෙම කැඳවීම ඉදිරි ක්‍රිකට් අනාගතය සහ කණ්ඩායම සඳහා වැදගත් සාධකයක් බව ද නිවේදනය කර සිටිනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කණ්ඩායමේ පුහුණුකරුවන්ගෙන් සහ උපදේශක කමිටුවේ අවධානය යොමු කළ කරුණු කිහිපයක් පෙන්වා දිය හැකියි.

ඒවා නම්,

01.උපාය මාර්ගය සහ සූදානම් වීම: තරග අතරතුර කණ්ඩායමේ උපාය මාර්ග, සූදානම සහ උපායශීලී තීරණ පිළිබඳ අවබෝධයක් ලබාදීම.

02.කණ්ඩායම් තේරීම: එක් එක් තරගය සඳහා ක්‍රීඩක තේරීම් සාධාරණීකරණය කිරීම සහ ක්‍රීඩා කරන XI වෙත සිදු කරන ලද වෙනස්කම් පැහැදිලි කිරීම.

03.ක්‍රීඩකයින්ගේ කාර්ය සාධනය: පුද්ගල සහ කණ්ඩායම් කාර්ය සාධනය තක්සේරු කිරීම, ශක්තීන් සහ දුර්වලතා ඉස්මතු කිරීම සහ ආබාධයක් හෝ ශාරීරික යෝග්‍යතා ගැටළු විසඳීම.

04.පශ්චාත්-තරග විශ්ලේෂණය: පුහුණු කණ්ඩායම විසින් පවත්වනු ලබන පශ්චාත්-තරග විශ්ලේෂණ සහ ප්‍රධාන පියවරයන් පැහැදිලි කිරීම ඒ අතර වනවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තරගය පරාජයට හේතුව ඉහත කාරණා මත සාකච්ඡා කිරීමටයි අදහස් කර ඇත්තේ. පරාජයන් ජයග්‍රහණයේ තීරණාත්මක සාධකයක් වුවද, මෑතකාලීන ව සිට ලබන පරාජයන් සංඛ්‍යාව ඉහළ යාම වැඩිවීම හේතුවෙන් එය විමසා බැලිය යුත්තක් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටින්නේ.

Latest

විදුලිබල පනත් කෙටුම්පත ගැසට් කෙරේ

පසුගිය මස 20 වනදා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වූ...

පෞද්ගලික බස් රථවල වෝකිටෝකි සවි කිරීමට සැලසුම්

පෞද්ගලික බස් රථවල වෝකි ටෝකි යන්ත්‍රයක් සවි කිරීමට ලංකා...

මෙරට දරු උපත් ගණන සීඝ්‍රයෙන් පහළට

මෙරට වාර්ෂික දරු උපත් සංඛ්‍යාව කැපී පෙනන ලෙස පහළ...

පිළිකා රෝගීන්ගේ මුදල් වංචා කළ තිදෙනෙක් අත්අඩංගුවට

රියැලිටි වැඩසටහනක ගායකයකුගේ බැංකු ගිණුමට හොර රහසේ ඇතුළු වී...

Don't miss

මුලින්ම වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ...

IMF දෙවැනි වාරිකය සතියකින් ලැබෙයි – බන්දුල

සතියක් ඇතුළත IMF දෙවැනි වාරිකය මෙරටට ලැබෙන බවට තමා...

අපේ කටුක අත්දැකීම් මතු පරපුරට උරුම කරන්න බැහැ

සියලු ක්ෂේත්‍ර නවීකරණය කරමින් රට දියුණුව කරා ගෙන යන...

ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළ යුතුයි

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළ යුතු බව හිටපු...

රට බංකොළොත් කළ රාජපක්ෂ පවුලට අපි දඬුවම් දෙනවා

සමගි ජන බලවේගය විපක්ෂයේ සිට රට බංකොලොත් කළ රාජපක්ෂ...

විදුලිබල පනත් කෙටුම්පත ගැසට් කෙරේ

පසුගිය මස 20 වනදා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වූ විදුලිබල පනත් කෙටුම්පත මේ වනවිට ගැසට් කර තිබෙනවා. විදුලිබල මණ්ඩලය හා විදුලිබල ක්ෂේත්‍රය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ...

පෞද්ගලික බස් රථවල වෝකිටෝකි සවි කිරීමට සැලසුම්

පෞද්ගලික බස් රථවල වෝකි ටෝකි යන්ත්‍රයක් සවි කිරීමට ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ අවධානය යොමු වී ඇති බව වාර්තා වෙයි. කාන්තාවන්ට සහ ගැහැණු ළමුන්ට...

මෙරට දරු උපත් ගණන සීඝ්‍රයෙන් පහළට

මෙරට වාර්ෂික දරු උපත් සංඛ්‍යාව කැපී පෙනන ලෙස පහළ ගොස් තිබෙනවා. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2019 වසරේ සිට 2022 වර්ෂය දක්වා නිකුත් කළ දරු...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here