30 C
Colombo
Friday, December 8, 2023

දර්බාන ඇළ පාමුල තරුණයෙකුගේ මළ සිරුරක්

රාගල පොලිස් වසමට අයත් හරස්පෙත ප්‍රදේශයේ අඩි දහසක් පමණ උස දර්බාන ඇළ කඳු පාමුල තිබී මියගිය තරුණයෙකුගේ සිරුරක් සොයාගෙන තිබෙනවා.

රාගල – හරස්පෙත ප්‍රදේශයේ පදිංචි මලින්ත ඩිල්ෂාන් නමැති 24 හැවිරිදි අයෙක් මෙලෙස මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ තරුණයා තම දෙමාපියන් සමග රණ්ඩු කර ඔවුන්ට පහර දී ඊයේ සවස සිය නිවසින් පිටත්ව ගොස් ඇත්තේ තමන් කොහේ හෝ ගොස් මැරෙන බවට පවසමින්.

පුතා නිවසට නොපැමිණි නිසා මවුපියන් රාගල පොලිසියට පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.

පොලිස් පැමිණිල්ලෙන් පසුව විමර්ශන ආරම්භ වූ අතර ඊයේ පස්වරුවේදී නිවැසියන්ට දූරකථන ඇමතුමක් ලැබී ඇත්තේ නාඳුනන මළසිරුරක් දර්බාන ඇළ කඳු පාමුල තිබෙන බවට ලැබුණු තොරතුරක් මතයි.

ඉන් අනතුරුව නිවැසියන් රාගල පොලිසියට එම දූරකථන ඇමතුම පිළිබඳ දැනුම්දීමක් සිදු කර තිබෙනවා. පසුව පොලිසිය දර්බාන ඇළ කඳු පාමුලට ගොස් තරුණයාගේ මළ සිරුර ගොඩගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මළසිරුර ගොඩගන්නා අවස්ථාවේ එම ස්ථානයේ සිටි තරුණයාගේ මව්පියන් එම සිරුර සිය පුතුගේ බවට හඳුනාගැනුණා.

මියගිය පුද්ගලයා සියදිවි නසා ගත්තේ ද නැතහොත් ඝාතනය කර ඇත් ද යන්න පිළිබඳ ව පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබනවා.

Latest

පෞද්ගලික බස් රථවල වෝකිටෝකි සවි කිරීමට සැලසුම්

පෞද්ගලික බස් රථවල වෝකි ටෝකි යන්ත්‍රයක් සවි කිරීමට ලංකා...

මෙරට දරු උපත් ගණන සීඝ්‍රයෙන් පහළට

මෙරට වාර්ෂික දරු උපත් සංඛ්‍යාව කැපී පෙනන ලෙස පහළ...

පිළිකා රෝගීන්ගේ මුදල් වංචා කළ තිදෙනෙක් අත්අඩංගුවට

රියැලිටි වැඩසටහනක ගායකයකුගේ බැංකු ගිණුමට හොර රහසේ ඇතුළු වී...

මුලින්ම වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ...

Don't miss

මුලින්ම වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ...

IMF දෙවැනි වාරිකය සතියකින් ලැබෙයි – බන්දුල

සතියක් ඇතුළත IMF දෙවැනි වාරිකය මෙරටට ලැබෙන බවට තමා...

අපේ කටුක අත්දැකීම් මතු පරපුරට උරුම කරන්න බැහැ

සියලු ක්ෂේත්‍ර නවීකරණය කරමින් රට දියුණුව කරා ගෙන යන...

ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළ යුතුයි

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළ යුතු බව හිටපු...

රට බංකොළොත් කළ රාජපක්ෂ පවුලට අපි දඬුවම් දෙනවා

සමගි ජන බලවේගය විපක්ෂයේ සිට රට බංකොලොත් කළ රාජපක්ෂ...

පෞද්ගලික බස් රථවල වෝකිටෝකි සවි කිරීමට සැලසුම්

පෞද්ගලික බස් රථවල වෝකි ටෝකි යන්ත්‍රයක් සවි කිරීමට ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ අවධානය යොමු වී ඇති බව වාර්තා වෙයි. කාන්තාවන්ට සහ ගැහැණු ළමුන්ට...

මෙරට දරු උපත් ගණන සීඝ්‍රයෙන් පහළට

මෙරට වාර්ෂික දරු උපත් සංඛ්‍යාව කැපී පෙනන ලෙස පහළ ගොස් තිබෙනවා. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2019 වසරේ සිට 2022 වර්ෂය දක්වා නිකුත් කළ දරු...

පිළිකා රෝගීන්ගේ මුදල් වංචා කළ තිදෙනෙක් අත්අඩංගුවට

රියැලිටි වැඩසටහනක ගායකයකුගේ බැංකු ගිණුමට හොර රහසේ ඇතුළු වී ඉන් රුපියල් ලක්ෂ 50ක මුදලක් සොරාගැනීමේ සිද්ධියක් සම්බන්ධ පුවතක් මෙරට ජාතික පුවත්පතක් අද (08) දින...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here