23.4 C
Colombo
Wednesday, January 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅතුරුදන්ව තිබූ ඩිපෝ සේවකයාගේ සිරුර හමුවෙයි

අතුරුදන්ව තිබූ ඩිපෝ සේවකයාගේ සිරුර හමුවෙයි

සිව් දිනක් තිස්සේ අතුරුදන් ව සිටි ඩිපෝවේ පොම්පකරුගේ සිරුර බොක්කුවක් යට තිබී සොයාගෙන තිබෙනවා.

හැටන් පොලිස් වසමට අයත් ෂැනන් තේ වත්තේ තිබියදියි මෙම පිරිමි පුද්ගල මළසිරුර සොයාගෙන ඇත්තේ. හැටන් ෂැනන් වත්තේ පදිංචි රාමයියා මනෝහර් නමැති 49 හැවිරිදි තිදරු පියෙකුගේ සිරුරක් මෙලෙස සොයාගෙන තිබෙනවා.

මියගිය පුද්ගලයා හැටන් ලංගම ඩිපෝවේ පොම්පකරුවෙකු වශයෙන් සේවය කළ අයෙකු බවත් මරණකරු සිව් දිනක් තිස්සේ සේවයට වාර්තා කර නොතිබුණු බවත් ඒ පිළිබඳව මරණකරුගේ බිරිඳ විසින් හැටන් පොලිසියට කරන ලද පැමිණිල්ලක් මතයි පොලිස් විමර්ශන ආරම්භ කෙරුණේ.

මෙම මරණය සම්බන්ධයෙන් හැටන් මහේස්ත්‍රාත්වරයාගේ ස්ථානීය පරීක්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ ප‍රීක්ෂණය සඳහා දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර තිබෙනවා.