29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඅද උතුරේ රෝහල් ලෙඩ වෙයි

අද උතුරේ රෝහල් ලෙඩ වෙයි

දිවයින පුරා පළාත් මට්ටමින් ආරම්භ කර ඇති රජයේ වෛද්‍ය නිලධාරීන් ඇතුළු වෘත්තීය පාර්ශ්වයන්ගේ විරෝධතාව අද (03) දිනටත් ක්‍රියාත්මක කෙරෙන බවට වාර්තා වනවා.

ඒ අනුව අද දිනයේදීත් උතුරු පළාතේ රෝහල්වල මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කෙරෙනු ඇති බවටයි වාර්තා වන්නේ.

ඊයේ දිනයේදී මෙම වැඩ වර්ජනය ආරම්භ කෙරුණේ ඌව පළාතේ පිහිටි සියලුම රජයේ රෝහල්වලයි.

සංකේතාත්මක වැඩ වර්ජනයක් ලෙසින් ක්‍රියාත්මක කෙරුණු මෙය; අද උතුරු පළාතේ රෝහල් කේන්ද්‍ර කරගනිමින් පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ලෙසට පැවැත්වීමටයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය තීරණය කර ඇත්තේ.

එළඹෙන 06 වනදා වයඹ පළාතේත්, 07 වනදා සබරගමුව පළාතේත් සියලුම රජයේ රෝහල්වල මෙම වැඩවර්ජන ක්‍රියාමාර්ග අදියර වශයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.

රටේ මේ වනවිට දැඩි ආර්ථික අර්බුද ව ඇති බදු බර, විදුලි බිල ඉහළ යාම, සෞඛ්‍ය ගැටලු ආදිය මුල් කරගනිමිනුයි මෙම වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ වන්නේ.