31 C
Colombo
Saturday, April 12, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඅද වැසි තත්ත්වයේ වැඩිවීමක්

අද වැසි තත්ත්වයේ වැඩිවීමක්

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් වර්ධනය වීමක් අද දිනයේ බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු මැද පළාත්වලත්, පුත්තලම සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ද ඇති විය හැකි බවත් එම නිවේදනයේ සඳහන්.

සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ද ඇති විය හැකියි.

නැගෙනහිර පළාතේ සහ යාපනය සහ මුලතිවු දිස්ත්‍රික්කවල උදෑසන කාලයේ දී වැසි තත්ත්වයක් ද සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් ද පැවතිය හැකි බවයි කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ.