― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsඋඩවලවේ වාන් දොරටු 03ක් විවෘත වෙයි

උඩවලවේ වාන් දොරටු 03ක් විවෘත වෙයි

උඩවලව ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කර තිබෙනවා.

ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ජලාශයේ ධාරිතාව 217,800ක උපරිමයට ජලය පැමිණීම නිසාවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි ජලාශය භාර ඉංජිනේරුවරුන් සඳහන් කළේ.

ඒ අනුව වාන් දොරටු තුනක් අඩියක් බැගින් විවෘත කර තිබෙනවා. තත්ත්පරයට ඝන අඩි 6960 බැගින් වලවේ ගඟට ජලය මුදා හරින බවයි මහවැලි වාරි ඉංජිනේරුවරුන් පැවසුවේ.

මේ හේතුවෙන් ජලාශයේ අවට පහත් බිම්වල වෙසෙන්නන් දැඩි අවධානයෙන් සිටිය යුතු බවට ද දැනුම්දී තිබෙනවා. වසරක කාලයක සිට දැඩි නියං බලපෑමක් මත වර්ෂාව නොලැබුණු උඩවලව ජලාශය සම්පූර්ණයෙන් ම හිඳී ගිය ආකාරය ද වාර්තා වුණා.

එහි උච්චතම අවස්ථාව වූයේ උඩවලව ජලාශය අගෝස්තු මස 08 වැනි දින අක්කර අඩි 641ක් දක්වා පහත බැසීමයි. මේ හේතුවෙන් වලවේ කලාපයේ ගොවිබිම් රැසක් ජල‍ය නොමැතිකමින් විනාශයට පත් වුණා.

නමුත් අද වනවිට එසේ ගිය ජල මූලාශ්‍ර ජලයෙන් පිරී ඉතිරී ගොස් තිබෙන අයුරු දැකිය හැකියි.