එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජ්‍ය මහලේකම්වරිය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ අතර හමුවක් සිදුව තිබෙනවා.
තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්වෙන ජගත් සාර්ව ආර්ථික ප්රතිපත්තිල දිළිඳුකම පිටු දැකීම සහ සංවර්ධනය උදෙසා මුදල් යෙදවීම පිළිබඳ කමිටු, සැසිවාරය අතරතුරදීයි මෙම හමුව සිදුව ඇත්තේ.
එහිදී ශ්‍රී ලංකාව අර්බුදයෙන් මිදීම සදහා පියවර ගනිමින් සිටින අතරතුර ගෙන යන නව තිරසාර මුලපිරීම් පිළිබඳව සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.