― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsකටුනායක - කොටුව බස් වර්ජනය අවසන්

කටුනායක – කොටුව බස් වර්ජනය අවසන්

මාර්ග අංක 187 කටුනායක – කොළඹ බස් රථ ආරම්භ කර තිබූ වර්ජනය අවසන් කර තිබෙනවා.

ගම්පහ දිස්ත්‍රික් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ලැම්බට් මධුරගේ පැවසුවේ අද (03) බත්තරමුල්ල මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ පැවති සාකච්ඡාවකදී ඇති වූ එකගතා මත මෙම වර්ජනය අවසන් කළ බවයි.

එම සාකච්ඡාවේදී මාර්ග ධාවන කළමනාකාරවරයා එම සේවා ස්ථානයෙන් ඉදිරි සති කීපය තුළදී ඉවත් කිරීමටත්, අතුරු ගමන් වාර අත්හිටුවීමත් එකඟ වී ඇති බවයි වාර්තා වන්නේ.

පෙරේදා (01) සිට කටුනායක සිට ගමන් ආරම්භ කරන මාර්ග අංක 187 කටුනායක ගුවන්තොටුපොළ – කොටුව සුඛෝපභෝගී සහ සාමාන්‍ය බස් රථ, ජා ඇළ – කොටුව, මාර්ග අංක 188 රද්දොළුගම – කොටුව සහ මාර්ග අංක 240/3 කටුනායක – මීගමුව සාමාන්‍ය සේවා බස් රථ ධාවනයේන් ඉවත් විය.