26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගසක් කඩා වැටීමෙන් අයෙක් ජීවිතක්ෂයට

ගසක් කඩා වැටීමෙන් අයෙක් ජීවිතක්ෂයට

අයහපත් කාලගුණයත් සමඟ ගසක් කඩා වැටීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (02) සවස් කාලයේදී පල්ලෙකැලේ පොලිස් වසමේ මහනුවර මහියංගනය මාර්ගයේ කුණ්ඩසාලේ ප්‍රදේශයේදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.

එම අනතුරෙන් තුවාල ලැබූ තවත් දෙදෙනෙකු මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබයි.

පළතුරු වෙළෙඳසැලේ හිමිකරු සහ එහි සහායට සිටි කාන්තාවක් මෙම අනතුරෙන් තුවාල ලබා ඇති අතර වෙළෙඳසැලට පැමිණ සිටි පාරිභෝගිකයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 56 හැවිරිදි වරාපිටිය කුණ්ඩසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ගස කඩාවැටෙන අවස්ථාවේදී මහනුවර මහියංගනය මාර්ගයේ ගමන් කළ වෑන් රථයකටද අලාභහානි සිදුවී ඇති අතර වෑන් රථයේ ගමන් කළ කිසිවෙකුට හානි සිදුවී නොමැති බවයි පොලීසිය පැවසුවේ.