පසුගිය 27 වැනිදා පිටකොටුව 02 වන හරස් වීදියේ රෙදිපිළි අලෙවිසැළක හටගත් ගින්න හේතුවෙන් තුවලා ලබා ප්රතිකාර ලබමින් සිටි තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඇය ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටි තරුණියකි.
පොලීසිය පැවසුවේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 25ක තරුණියක් බවයි.
පසුගිය 27 වැනිදා හටගත් මෙම ගින්න හේතුවෙන් පුද්ගලයින් 23 දෙනෙක් රෝහල්ගත කළ අතර ඉන් 06 දෙනෙකුගේ තත්ත්වය බරපතල විය.