― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsලැබූ අමිහිරි පරාජය ගැන ක්‍රිකට් කමිටුව ප්‍රශ්න කරයි

ලැබූ අමිහිරි පරාජය ගැන ක්‍රිකට් කමිටුව ප්‍රශ්න කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අවමන්සහගත පරාජය සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනය විමර්ශනයක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ ඊයේ නිමාවට පත් වූ එක්දින ක්‍රිකට් ලෝක කුසලානය යටතේ පැවැත්වුණ 33 වැනි තරගය ශ්‍රී ලංකා කණ්ඩායම අමිහිරි අයුරින් පරාජයට පත් වීම හේතුවෙන්.

මේ නිසා ඉන්දියාව හමුවේ ලද පරාජය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පුහුණුකරුවන්ගෙන් සහ තේරීම් කමිටුවෙන් කරුණු විමසීමට තීරණය කර තිබෙනවා.

ඊයේ තරගයට ක්‍රීඩකයින් තේරීම සිදු කළේ කුමන පදනමකින් ද යන්න මෙහිදී විමසීමට නියමිත බවටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසා ඇත්තේ.

ධනංජය ද සිල්වා තරගයෙන් ඉවත් කර ඒ වෙනුව දුෂාන් හේමන්ත කැඳවීම ද ගැටලුසහගත බවට ද ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරනවා.

මෙම කරුණු පිළිබඳව සහ ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයේ දැක්වූ දුර්වල ක්‍රීඩා විලාසය සම්බන්ධයෙන් ද අදහස් විමසීමට තීරණය කෙරෙනු ඇති.