31.1 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවතු කම්කරුවන් රුපියල් 20,000ක දීපවාලි අත්තිකාරම් ඉල්ලයි

වතු කම්කරුවන් රුපියල් 20,000ක දීපවාලි අත්තිකාරම් ඉල්ලයි

ආග­ර­ප­තන, ඩයගම නැඟෙනහිර වතු කම්කරුවන් රුපියල් 20,000ක දීපවාලි අත්තිකාරම් මුදලක් ඉල්ලා ඊයේ (02) වැඩ වර්ජනයක නිරත විය.

ඊයේ පෙරවරුවේ ආග­ර­ප­තන, ඩයගම නැගෙනහිර තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිටට රැස්වූ කම්කරුවන් දීපවාලි අත්තිකාරම් ලෙස රුපියල් 20,000ක් ඉල්ලා සිටියහ.

පැමිණීමේ අනුපාතයට අනුව දීපවාලි අත්තිකාරම් ලබා දීමේ පුරුද්ද නිසා, කිහිප දෙනෙකුට පමණක් රුපියල් 20,000 ක අත්තිකාරමක් ලැබී ඇති අතර අනෙක් අයට මේ නිසා අපහසුතාවයට මුහුණ දීමට සිදුව තිබේ.

මෙම විරෝධතාව සඳහා ඩයගම, නැගෙනහිර වතුකරයේ වසම් තුනේම සේවකයෝ දෙසියයකට අධික පිරිසක් සහභාගි වූහ.