28.9 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවැට් බද්ද වැඩි කළේ කැමැත්තෙන් නෙවෙයි - ජනපති

වැට් බද්ද වැඩි කළේ කැමැත්තෙන් නෙවෙයි – ජනපති

වැට් බද්ද සියයට 18 දක්වා වැඩි කිරීමට ගත් තීන්දුව තමා හෝ ඇමති මණ්ඩලය කැමැත්තෙන් ගනු ලැබූ තීරණයක් නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ කර්මාන්ත අමාත්‍යාංශය හා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පසුගියදා පැවති සම්මාන උළෙලට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් ඇතැම් පුද්ගලයන් ‍ෙදාස් කියන නමුත් රජය මෙම තීරණය නොගත්තේ නම් රට නැවත පසුගිය වසරේ තිබූ තත්ත්වයට පත්වීමට ඉඩ තිබෙන බවයි.

ඕනෑම ආණ්ඩුවකට හෝ මැතිවරණයක් ආසන්නයේ සිටින පාර්ලිමේන්තුවකට මෙවැනි දුෂ්කර තීරණයක් ගැනීම අසීරු කටයුත්තක් බවයි ජනාධිපතිවයා අවධාරණය කළේ.

ඒ අනුව කනගාටුවෙන් වුවද ඉන්දියාව, පකිස්තානය යන රටවල තිබෙන තත්ත්වයට බදු ප්‍රතිශත ගෙන ඒමට සිදු වූ බවත් එය රටේ ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යාම වෙනුවෙන් ගත් තීන්දුවක් බවත් ඔහු ජනාධිපතිවරයා සඳහන් කළේය.