27.2 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවෛද්‍ය වැඩ වර්ජනය නවතී

වෛද්‍ය වැඩ වර්ජනය නවතී

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පළාත් මට්ටමෙන් දියත් කර ඇති වැඩ වර්ජන මාලාව තාවකාලිකව නතර කර තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ පැවසුවේ
රජයේ පාර්ශ්වයෙන් සුබවාදී ප්‍රතිචාරයක් ලැබීම හේතුවෙන් මෙලෙස වැඩ වර්ජනය නැවැත්වීමට පියවර ගත් බවයි.

සෞඛ්‍ය පද්ධතියේ බිඳවැටීම යම් මට්ටමකින් හෝ සමනය කරගැනීම සඳහා වෛද්‍යවරුන් රට තුළ රඳවා ගැනීමට රජය මෙතෙක් කටයුතු නොකිරීමට විරෝධය පළ කරමිනුයි ඔවුන් මෙම වර්ජනය ආරම්භ කර තිබුඑණේ.

අද (03) දිනයේදී වැඩ වර්ජනය ක්‍රියාත්මක කර තිබුණේ උතුරු පළාතේ රෝහල්වලයි.