29.5 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශීත සෘතුවේ පළමු පෝලන්ත සංචාරකයන් පිරිස දිවයිනට

ශීත සෘතුවේ පළමු පෝලන්ත සංචාරකයන් පිරිස දිවයිනට

යුරෝපය පුරා එළඹෙමින් පවතින ශීත සෘතුවත් සමග පෝලන්තයේ සිට ශ්‍රී ලංකාවට සංචාරකයන් ගේ පැමිණීම ආරම්භ කරමින් ප්‍රථම මංගල ගුවන් යානය අද (03) උදෑසන කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියේය.

186 දෙනෙකුගෙන් සමන්විත මෙම පෝලන්ත ජාතික සංචාරකයන් අතර වැඩි වශයෙන් තරුණ පිරිසක් සිටීම විශේෂත්වයකි.

මොවුන් අද උදෑසන 07.45ට පෝලන්තයේ වෝර්සෝ නුවර සිට එන්ටර් එයාර් ගුවන් සේවයේ ඊ.එන්.ටී.- 1561 දරන විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.

මෙලෙස ශීත ඍතුව තුළ පෝලන්ත සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණීම සිදු වන්නේ 13 වැනි වරටයි.

2023 වසරේ නොවැම්බර් මාසයේ සිට එළඹෙන 2024 මාර්තු මාසය දක්වා මේ ආකාරයට පෝලන්තයේ සිට ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණීමට නියමිතය.

මෙම පෝලන්ත සංචාරකයන් අනුරාධපුරය, පොළොන්නරුව, සීගිරිය වැනි ඓතිහාසික ස්ථාන උණවටුන, ආරුගම්බේ මුහුදු තීරවල සහ ශ්‍රී ලංකාවේ වනෝද්‍යාන තුළද සංචාරය කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.