29 C
Colombo
Monday, May 12, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඅධිකරණ ගබඩාවෙන් කේරළ ගංජා සොරකම් කළ 4ක් අත්අඩංගුවට

අධිකරණ ගබඩාවෙන් කේරළ ගංජා සොරකම් කළ 4ක් අත්අඩංගුවට

නඩු කටයුතු වෙනුවෙන් කිලිනොච්චිය අධිකරණ සංකීර්ණයේ ගබඩා කර තිබු කේරළ ගංජා කිලෝ 140ක් සොරාගත් අධිකරණ සේවකයෙකු ඇතුළු 4 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (03) අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් පසුගිය මාසයේ කේරළ ගංජා සොරකම සිදු කර ඇති බවටයි හෙළිවී ඇත්තේ.

ඔවුන් අධිකරණ සංකීර්ණයේ නඩු භාණ්ඩ ගබඩාවේ දොරගුළු කඩා එහි තිබූ කේරළ ගංජා තොගය සොරාගෙන ගොස් තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිස් අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් ඇතුළු කණ්ඩායම් කිහිපයක් සිදු කළ විමර්ශනයක් අනුවයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙම පුද්ගලයන් කිලිනොච්චිය ප්‍රදේශයේම පදිංචි පිරිසක් වන අතර ඔවුන් අදාළ කේරළ ගංජා තොගය ජාවාරම්කරුවන්ට අලෙවි කිරීමට රැගෙන ගොස් තිබූ බවටයි අනාවරණ වී තිබෙනවා.

සැකකරුවන් කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසියයි වැඩිදුර පරීක්ෂණ මෙහෙයවන්නේ.