― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeSportඩක්වත් ලුවිස් න්‍යායට අනුව පාකිස්ථානයට ලකුණු 21ක ජයක්

ඩක්වත් ලුවිස් න්‍යායට අනුව පාකිස්ථානයට ලකුණු 21ක ජයක්

2023 එක්දින ලෝක කුසලානයේ 35වැනි තරගය වන නවසීලන්ත – පාකිස්ථාන තරගය ජය ගැනීමට පාකිස්ථානය සමත් වුණා.

ඒ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව පන්දුවාර 25යි පන්දු 03ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 200ක් ලබාගෙන සිටි පාකිස්ථානයට ඒ අනුව ජය හිමිවුණා.

කාසියේ වාසිය දිනාගත් පාකිස්ථානය පළමුවෙන් පන්දුවට පහරදීමට නවසීලන්තයට ආරාධනා කළා.

ඒ අනුව පන්දුවර පහරදීමට පිටියට පිවිසි නවසීලන්තය පන්දුවාර 50 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 401ක් ලබා ගත්තා.

නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් Rachin Ravindra ලකුණු 108ක් ලබා ගැනීමට සමත් වූ අතර Kane Williamson තම කණ්ඩායම වෙනුවෙන් ලකුණු 95ක් ලබා ගත්තා.

Mark Chapman ලකුණු 39ක් සහ Glenn Phillips ලකුණු 41ක් රැස් කළා.

පන්දු යැවීමේ දී Mohammad Wasim කඩුළු 3ක් දවා ගැනීමට සමත් වූ අතර Hasan Ali, Iftikhar Ahmed සහ Haris Rauf යන ක්‍රීඩකයින් අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

පිළිතුරු ඉනිමට පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායමේ Fakhar Zaman නොදැවී ලකුණු 126ක්ද, නායක Babar Azam නොදැවී ලකුණු 66ක්ද ලබාගත්තා.

නවසීලන්ත කණ්ඩායමේ Tim Southee විසින් පාකිස්ථානු කණ්ඩායමේ එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් වුණා.