26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතේ, කිරි තේ, රයිස්, කොත්තු මිල වැඩි වෙයි

තේ, කිරි තේ, රයිස්, කොත්තු මිල වැඩි වෙයි

අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ආහාර වර්ග කිහිපයක මිල ඉහළ දැමීමට සමස්ත ලංකා ආපන ශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

එහි සභාපති හර්ෂණ රුක්ෂාන් අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ ප්ලේන්ටියක මිල රුපියල් 5කින් සහ කිරි තේ එකක මිල රුපියල් 10කින් ඉහළ නංවන බවයි. සීනි මිල වැඩි වීම හේතුවෙන් මෙම පියවර ගන්නා බව ඔහු ප්‍රකාශ කළා.

ඊට අමතරව ආපන ශාලාවල නිෂ්පාදනය කෙරෙන අනෙකුත් ආහාර සඳහා යොදා ගන්නා සහල්, එළවළු, කුකුල් මස් මෙන්ම ලූණු ඇතුලු භාණ්ඩවල මිල ඉහළ යාම හමුවේ කෑම පැකට් එකක මිල ද රුපියල් 20කින් ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

එමෙන්ම කොත්තුවක සහ ෆ්‍රයිඩ් රයිස් එකක මිල ද රුපියල් 20කින් ඉහළ නංවන බවයි සමස්ත ලංකා ආපන ශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය කියාසිටියේ.