28.4 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅස්වැසුම අපේක්‍ෂකයන්ට විශේෂ දැනුම්දීමක්

අස්වැසුම අපේක්‍ෂකයන්ට විශේෂ දැනුම්දීමක්

‘අස්වැසුම සතිය’ අදින් ඇරඹේ.

කෙසේනමුත් එම වැඩ කටයුතුවලින් ඉවත් වීමටයි ප්‍රාදේශීය ලේකම්වරුන් තීරණය කර ඇත්තේ.

අස්වැසුම වැඩසටහනේ පවතින ගැටළු විසඳීම සඳහා සුබසාධක මණ්ඩලය ක්‍රියාමාර්ග නොගැනීමට එරෙහිව මෙම පියවර ගත් බවයි ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය පවසන්නේ.

එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, එම වැඩසටහන ක්‍රියාත්මක කළ පරිගණක දත්ත පද්ධතියේ පවතින තාක්ෂණික ගැටළු ඇතුළු තවත් කරුණු කිහිපයක් හේතුවෙන් අභියාචනා හා විරෝධතා පරීක්ෂණ පවත්වා අවසන් කිරීමට නොහැකිවී ඇති බවයි.

එමෙන්ම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට අදාල ගැටලු විසඳීමට හා අනෙකුත් පැන නැගී ඇති ගැටලු විසඳීමටද නොහැකිවී ඇති බව එම සංගමය පවසයි.

මේ අතර අස්වැසුම සතිය තුළ තමන්ට පවතින ගැටලු විසඳා ගැනීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත නොපැමිණෙන ලෙසයි එම සංගමය අස්වැසුම ප්‍රතිලාභීන්ට දැනුම් දෙන්නේ.