25 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබම්බලපිටිය මගී ගුවන් පාලමේ ප්‍රතිසංස්කරණ අරඹයි

බම්බලපිටිය මගී ගුවන් පාලමේ ප්‍රතිසංස්කරණ අරඹයි

මුහුදුබඩ මාර්ගයේ බම්බලපිටිය දුම්රියපොළ අසලින් එම මාර්ගය තාවකාලිකව වසා දමා තිබේ.

අබලන්ව පවතින බම්බලපිටිය දුම්රියපළ අසල ඇති මගී ගුවන් පාලම ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම හේතුවෙනුයි මෙලෙස එම මාර්ගය වසා දමා ඇත්තේ.

එහි ප්‍රතිසංස්කරණ කටයුතු ඊයේ (05) ආරම්භ කළ අතර ඒ අනුව එම මගී ගුවන් පාලම කඩා ඉවත් කිරීමට නියමිතය.

පොලීසිය රියදුරන්ට දැනුම් දෙනු ලබන්නේ මාර්ගය වසා දැමීම හේතුවෙන් විකල්ප මාර්ග ලෙස මුහුදුබඩ මාර්ගයේ වැල්ලවත්ත සිට කොල්ලුපිටිය දක්වා පැමිණෙන වාහන බම්බලපිටිය දුම්රියපොළ පාර ඔස්සේ ගාලු පාර වෙත ගමන් කළ හැකි බවයි.

එමෙන්ම මුහුදුබඩ මාර්ගයේ කොල්ලුපිටියේ සිට වැල්ලවත්ත දක්වා ගමන් කරන වාහන ග්ලේන් ආබර් පෙදෙසට හැරී ගාලු පාරට පැමිණ, ඩුප්ලිකේෂන් මාර්ගය ඔස්සේ වැල්ලවත්ත දක්වා ගමන් කිරීමට හැකියාව පවතී.