30.6 C
Colombo
Saturday, July 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරාජස්ථාන්හි බස් රථ අනතුරකින් 04ක් ජීවිතක්ෂයට

රාජස්ථාන්හි බස් රථ අනතුරකින් 04ක් ජීවිතක්ෂයට

රාජස්ථාන්හිදී මගීන් 70කට අධික පිරිසක් රැගත් බස් රථයක් ප්‍රපාතයකට පෙරලී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ රියදුරුට වේගය පාලනය කරගත නොහැකිව Dausa Collectorate වටරවුම අසලදී බස් රථය ප්‍රපාතයකට පෙරලී ගොස් ඇති බවයි.

හරිද්වාර් සිට ජායිපූර් බලා යමින් තිබූ මෙම බස් රථය අඩි 30ක් පහළට පෙරලී, දුම්රිය මාර්ගයකට වැටීමෙන් පුද්ගලයින් 04 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඉන්දීය පොලීසිය පවසන්නේ තවත් 34 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

ඊයේ (05) රාත්‍රියේ මෙම සිදුවීම සිදුවී ඇති අතර තුවාලකරුවන් සියලු දෙනා ඪෞස දිස්ත්‍රික් රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර මිය ගිය අතර කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමින් දෙදෙනෙකු වන බවයි වාර්තා වන්නේ.

මෙම අනතුර හේතුවෙන් දුම්රිය ධාවනයට ද බාධා එල්ල වූ අතර පැය කිහිපයක් දුම්රිය ගමනාගමනයද නතර වී තිබූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.