29 C
Colombo
Saturday, December 9, 2023

හරක් කටාගේ පෙත්සමකට කරුණු දක්වන්න නීතිපතිට කල් දෙයි

තමන්ව රඳවාගෙන සිටින රැඳවුම් නියෝගය තවදුරටත් දීර්ඝ කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා අභියාචනාධිකරණය අද (06) නීතිපතිවරයාට කල් ලබා දුන්නා.

මෙම පෙත්සම අද (06) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායාස් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී පෙත්සම්කාර හරක් කටා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සේනානි දයාරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් යම් සැකකරුවකු රඳවා ගැනීම සඳහා රැඳවුම් නියෝගයක් ලබාගැනීමට පෙර පොලීසිය විසින් එම සැකකරු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වාර්තා, කටඋත්තර පිටපත්, දිවුරුම් ප්‍රකාශ යනාදිය ආරක්ෂක අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළ යුතු බව සඳහන් කළා.

එම තොරතුරු හා වාර්තා පරීක්ෂාවට ලක්කර ප්‍රමාණවත් සාක්ෂි පවතින බවට ආරක්ෂක අමාත්‍යවරයා නිගමනය කරන්නේ නම් පමණක් ඔහු විසින් අදාළ රැඳවුම් නියෝගය නිකුත් කරන බවත් නීතිඥවරයා පෙන්වා දුන්නා.

එහෙත් හරක් කටා රඳවා ගැනීම සඳහා අවශ්‍ය කරන රැඳවුම් නියෝග ලබාගැනීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එවැනි පරීක්ෂණ වාර්තා හා ප්‍රකාශ ආරක්ෂක අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර නොමැති බව සඳහන් කළ එම නීතිඥවරයා එම පරීක්ෂණ වාර්තා අධිකරණයට පවා ඉදිරිපත් කර නොමැති බවටත් චෝදනා කලා.

ඒ අනුව අදාළ රැඳවුම් නියෝගය නීතිය ඉදිරියේ බල රහිත තත්ත්වයක පවතින බවයි නීතිඥවරයා සඳහන් කළේ. මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කාර හරක් කටා නැමැත්තා විසින් මහජන ආරක්ෂක අමාත්‍යවරයාට රුපියල් මිලියන 700 ක මුදලක් ලබාදීමට උත්සාහ කර ඇති බව කියන සිද්ධියක් මාධ්‍යවලින් අනාවරණය කර ඇතැයි පැවසුවා.

අධිකරණය හමුවේ විනිශ්චයට භාජනය වී තිබෙන්නේ ඉතාම සංකීර්ණ පරීක්ෂණ කටයුත්තකට අදාළ නඩුකරයක් බවත් ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා කාලය ලබාදෙන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව පෙත්සම යළි මේ මස 09 වනදා කැඳවීමට නියෝග කළ විනිසුරු මඩුල්ල එදින නීතිපතිවරයාගේ කරුණු දැක්වීම් සිදුකරන ලෙසත් නියෝග කළා.

Latest

පස් කණ්ඩියට යටවූ පිරිස බේරාගන්නා මෙහෙයුම

#karapitiya #hospital #sad #news #dasatha #thidasa #madyawediya #lk #srilanka...

ලංකාවේ උසම මඤ්ඤොක්කා ගහ බදුල්ලෙන් හමුවෙයි

#badulla #tree #worldrecord #news #haliela #voice #dasatha #madyawediya #srilanka...

කංචන සහ විමල් සැරටම අමතගනී

#vimal #kanchana #parliament #news #light #madyawediya #dasatha #thidasa #srilanka...

Don't miss

මාධ්‍යවේදීන්ට ජීවත් වෙන්න පුළුවන් වැටුපක් දෙන්න

මිනිසෙකුගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීමට හැකි වැටුපක් මාධ්‍යවේදීන්ටත් ලබාදීමට...

මුලින්ම වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ...

IMF දෙවැනි වාරිකය සතියකින් ලැබෙයි – බන්දුල

සතියක් ඇතුළත IMF දෙවැනි වාරිකය මෙරටට ලැබෙන බවට තමා...

අපේ කටුක අත්දැකීම් මතු පරපුරට උරුම කරන්න බැහැ

සියලු ක්ෂේත්‍ර නවීකරණය කරමින් රට දියුණුව කරා ගෙන යන...

ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළ යුතුයි

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළ යුතු බව හිටපු...

කෝටි 07ක් හා පිස්තෝලයක් සමඟ පිරිසක් රිමාන්ඩ්

පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සහ රුපියල් කෝටි 7 අධික මුදලක් සන්තකයේ තබා ගෙන කොළඹ මල් පාරේ සිනමන් රෙඩ් හෝටලයේ රැඳී සිටීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට...

ශ්‍රී ලංකන් ගන්න ආයෝජකයින් හත්දෙනෙක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගම වෙනුවෙන් ආයෝජකයන් 07 දෙනෙකු ඉදිරිපත්ව ඇතැයි තමාට දැනගන්නට ලැබුණු බව බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා...

සුරාසැල් ඇරෙන වැසෙන වේලාවේ වෙනසක්

දිවයින පුරා පිහිටි සුරාසැල් විවෘත කරන සහ වසා තැබෙන වේලාවන් හෙට (09) සිට වෙනස් කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ මුදල් ආර්ථික ස්ථායිකාරන සහ ජාතික...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here