― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsඅත්‍යාවශ්‍ය ඖෂධ 54ක් ලබන සතියේ මෙරටට

අත්‍යාවශ්‍ය ඖෂධ 54ක් ලබන සතියේ මෙරටට

පිළිකා සහ වකුගඩු රෝග සඳහා අවශ්‍ය ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 54ක් ඉදිරි සතිය තුළ දිවයිනට ලැබීමට නියමිතය.

සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ ප්‍රකාශ කළේ ඩොලර් 58,000ක ඖෂධ මෙලෙස ලැබීමට නියමිත බවයි.

මීට අමතරව ඉදිරි දිනවලදී බංග්ලාදේශ සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා ඇමෙරිකානු ඩොලර් මිලියනයක් වටිනා වෛද්‍ය ආධාර මෙරටට ලබාදීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස්වරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවකදීයි මහ කොමසාරිස්වරයා මේ බව පවසා ඇත්තේ.