― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඅතුරු කමිටුව ගැන ක්‍රීඩා ඇමතිගෙන් පිළිතුරු

අතුරු කමිටුව ගැන ක්‍රීඩා ඇමතිගෙන් පිළිතුරු

ක්‍රිකට් අතුරු කමිටුව පත් කිරීම පිළිබඳ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මාධ්‍ය වෙත අද (06) පෙරවරුවේ අදහස් දැක්වුවා.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

ඉදිරි කටයුතුවලදී ප්‍රධාන වශයෙන්ම පැති දෙකක් තියෙනවා. එකක් වෙච්ච දූෂණ වංචා අක්‍රමිකතා මේවා සොයලා බලන්න ඕනේ. ඊට වඩා ඉක්මනින් වෙන්න ඕනේ අපේ ක්‍රීඩාව යතාවත් කරන එක. මූලිකත්වය දීලා ඒක කරන්න ඕන, ඒ කියන්නේ ස්ථාවර කරලා මේ රටේ මුළු මහත් ජනතාවගේ හිතට නිදහසක් දුන්න ක්‍රිකට් ජයග්‍රහණ කරා යන්න. ඒ නිසා මම හිතනවා සුදුසුම පුද්ගලයා සභාපතිවරයා විදියට පත් කරලා තියෙනවා. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු දෙදෙනෙකු සහ මහාධිකරණ විනිසුරුවරයෙක් පත් කරලා තියෙනවා. ඒ මේ පසුගිය කාලේ වෙච්ච අක්‍රමිකතා ගැන කමිටුවක් විදියට සොයන්න. ඒ වගේම මෙතනින් එහාට පරිපාලනය, ක්‍රිකට් සංවර්ධනයට, නීතිය මේවට අනු කමිටු ටික දාලා ඉදිරි කටයුතු ටික කරන්න සභාපතිතුමාට උපදෙස් ලබා දී තිබෙනවා. පළවෙනියට තියෙන්නේ ක්‍රිකට් ගහලා නැවත අපි ඉස්රහට යන එක කරන අභියෝගය ජයග්‍රහණය කරන්න. මම හිතනවා සුදුස්සට සුදුසු නැත ලබා දුන්නා කියන එක. මම හිතනවා මේ රටේ ජනතාව එකඟවෙනවා කියන එක.

මේ අතර ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපති ධුරය සඳහා පත් කළ හිටපු නායක අර්ජුන රණතුංග එම තනතුර භාරගෙන රාජකාරී කිරීමට කැමැත්ත පළකළ බව ද ක්‍රීඩා අමාත්‍යවරයා මෙහි දී සඳහන් කර සිටියා.