30 C
Colombo
Thursday, August 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsක්‍රිකට් අතුරු කමිටුවට අදාළ ගැසට් නිවේදනය නිකුත් වෙයි

ක්‍රිකට් අතුරු කමිටුවට අදාළ ගැසට් නිවේදනය නිකුත් වෙයි

ක්‍රිකට් අතුරු කමිටුව පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් නිකුත් කර තිබෙනවා.

ක්‍රිකට් අතුරු කමිටුව පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් නිකුත් කර තිබෙනවා.

1973 අංක 25 දරණ ක්‍රීඩා පනතේ 32 වගන්තිය යටතේ ක්‍රීඩා අමාත්‍යවරයාට පැවරී ඇති බලතල අනුව සාමාජිකයින් 07 දෙනෙකුගෙන් සමන්විත ක්‍රිකට් අතුරු කමිටුවක් අමාත්‍යවරයා විසින් පත් කරනු ලැබුවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයක් පවත්වන තුරු හෝ නැවත දැනුම් දෙන තුරු අද (06) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම අතුරු කමිටුව පත්කිරීම සිදුකර තිබෙනවා.

හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංගගේ සභාපතිත්වයෙන් යුත් මෙම අතුරු කමිටුවේ අනෙකුත් සාමාජිකයින් වන්නේ, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු එස්.අයි. ඉමාම්, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු රෝහිණී මාරසිංහ, විශ්‍රාමික මාහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා, උපාලි ධර්මදාස, නීතිඥ රඛිත රාජපක්ෂ, හිෂාම් ජමාල්ඩීන් යන අයයි.