23.9 C
Colombo
Thursday, August 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකොළඹ - බදුල්ල මාර්ගයේ රථවාහන ගමනාගමනයට බාධා

කොළඹ – බදුල්ල මාර්ගයේ රථවාහන ගමනාගමනයට බාධා

කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයේ හල්දුම්මුල්ල සහ බෙරගල අතර බත්ගොඩ ප්‍රදේශයේ සිදු වූ නායයෑම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

එම සංවිධානය සඳහන් කළේ එම ස්ථානයේ නායයාමේ අවදානම තවදුරටත් පවතින බවයි.

මෙම නායයෑමත් සමඟ කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනයට ද බාධා එල්ල වූ අතර, එම මාර්ග කොටස පිළිසකර කිරීම අද (06) උදෑසන ආරම්භ කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

ඒ අනුව එම මාර්ගයේ වාහන ධාවනයට තවමත් බාධා එල්ල වී ඇති අතර විකල්ප මාර්ග භාවිත කරන ලෙස එම මාර්ගය භාවිත කරන්නන්ට දැනුම් දෙනවා.

මෙම නායයෑමත් සමඟ අවට තිබූ නිවාස පහකට පමණ හානි සිදුව ඇති බව බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළා.