23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsජනක රත්නායකට තර්ජනය කළ තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

ජනක රත්නායකට තර්ජනය කළ තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා මහජන උපයෝගී කොමිසන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායකට මරණ තර්ජන සිදුකර කප්පම් ලබාගැනීමේ සිද්ධියට අදාළව තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක විසින් කිරුළපන පොලීසියට සිදුකළ පැමිණිල්ලකට අනුවයි කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

දුරකථනයෙන් මරණ තර්ජනය කර ලක්ෂ 15ක මුදලක් බලෙන් ලබාගැනීමක් සම්බන්ධයෙනුයි ජනක රත්නායක විසින් මෙම පැමිණිල්ල සිදුකර ඇත්තේ.

ඒ අනුව මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරුට සැඟවී සිටීමට නේවාසික පහසුකම් ලබාදුන් සහ ආධාර අනුබල ලබාදුන් සැකකරුවන් දෙදෙනෙකු දඹුල්ල පැල්වෙහෙර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 38 සහ 40 යන වයස්වල පසුවන්නන් බවයි පොලීසිය පවසන්නේ.