25 C
Colombo
Friday, October 3, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඩයනාගේ ගුටිකෙළිය ගැන සොයන කමිටුව අද රැස්වෙයි

ඩයනාගේ ගුටිකෙළිය ගැන සොයන කමිටුව අද රැස්වෙයි

පසුගියදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ සහ මන්ත්‍රීවරු කිහිපදෙනෙකු අතර ඇති වූ සිද්ධිය පිළිබඳව කරුණු සොයාබැලීමට පත් කළ කමිටුව අද (06) රැස්වීමට නියමිතය.

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ, සමගි ජන බලවේගයේ රෝහණ බණ්ඩාර සහ සුජිත් සංජය පෙරේරා මන්ත්‍රීවරුන් අතර ගැටුම්කාරී තත්ත්වයක් හට ගත්තේය.

ඉන් අනතුරුව එම සිද්ධිය පිළිබඳව සොයාබැලීම සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් කමිටුවක් පත්කරනු ලැබීය.

නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පත්කළ අතර එම සිදුවීමට අදාළ පාර්ලිමේන්තුවේ CCTV දර්ශන ද අදාළ කමිටුව විසින් පසුගියදා නිරීක්ෂණය කරනු ලැබීය.