29 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනවදිල්ලියේ වායු ගුණාත්මකභාවය දරුණු අතට

නවදිල්ලියේ වායු ගුණාත්මකභාවය දරුණු අතට

ඉන්දියාවේ නව දිල්ලි නුවර වාතයේ ගුණාත්මකභාවය තවදුරටත් පිරිහී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අද (06) උදෑසනවන විටත් දිල්ලියේ වාතය අඛණ්ඩව හත්වන දිනටත් දැඩි ලෙස දූෂිත වී ඇති අතර වායු තත්ත්ව දර්ශකය (AQI) තවමත් ‘දරුණු’ කාණ්ඩයේ පවතින බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් දිල්ලි වැසියන්ගේ දෛනික කටයුතුවලට දැඩිලෙස බලපෑමක් සිදුව තිබෙනවා. අගනුවර ඉහළ යන වායු දූෂණ මට්ටම් සැලකිල්ලට ගනිමින් දිල්ලි රජය විසින් පාසල්වල පස්වන ශ්‍රේණි දක්වා පන්ති සඳහා නිවාඩු ලබාදීම නොවැම්බර් 10 දක්වා දීර්ඝ කර ඇති බවයි වාර්තා වන්නේ.

දිල්ලි සහ මධ්‍යම ආණ්ඩුව විසින් පවතින තත්ත්වය සැළකිල්ලට ගනිමින් රාජ්‍ය, නාගරික සහ පුද්ගලික කාර්යාලවල කාර්ය මණ්ඩලයෙන් අඩකට නිවසේ සිට වැඩ කිරීමට අවස්ථාව සලසා දී ඇති බව සඳහන්.

මෙම වායු දූෂණය හේතුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය, අත්‍යවශ්‍ය සේවා සැපයීමට LNG, CNG, හෝ විදුලි බලයෙන් බල ගැන්වෙන ට්‍රක් රථ හැර, ඉන්ධනවලින් ධාවනයවන ට්‍රක් රථවලට දිල්ලියට ඇතුළුවීම තහනම් කර තිබෙනවා.