― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsබ්‍රිතාන්‍යයේදී ලංකාවට සුවිශේෂී සම්මානයක්

බ්‍රිතාන්‍යයේදී ලංකාවට සුවිශේෂී සම්මානයක්

බ්‍රිතාන්‍ය සංචාරක ලේඛකයින්ගේ සංසදය විසින් සංවිධානය කරන ලද හොඳම පුළුල් ලෝක සංචාරක ව්‍යාපෘතිය සදහා ශ්‍රී ලංකාව සම්මාන දිනා ගෙන ඇත.

ඒ Pekoe trail නැමති ඇවිදීමේ මාර්ගයට ය. අදාල සම්මානය ඊයේ (05) සංචාරක හා ඉඩම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු වෙත පිරිනමනු ලැබීය.

සංචාරක ලේඛකයන්ගේ බ්‍රිතාන්‍ය සංසදය විසින් අවසන් මහා තරගයට නම් කරන ලද රටවල් පහ අතරින් ශ්‍රී ලංකාවේ Pekoe Trail ජයග්‍රහණය කිරීමට සමත් විය.

Pekoe trail යනු ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය හරහා ගමන් කරන කිලෝමීටර් 300 ක කඳු නැගීමේ මාර්ගයකි. එය ආසියාවේ හොදම රහසිගත මාර්ගවලින් එකක් ලෙස සැලකේ. Peko Trail මෙම මංපෙත සුප්‍රසිද්ධ මහනුවර නගරයෙන් ආරම්භ වී දකුණු දෙසින් හැටන් සහ හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය දෙසට ගමන් කරයි. ඉන්පසු එය හපුතලේ සහ ඇල්ල හරහා නැගෙනහිර දෙසට ගමන් කර සුන්දර නුවරඑළිය නගරය වටා ගමන් කර අවසන් වේ.

මෙම මාර්ග බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේදී විශාල වතුවල සිට කර්මාන්තශාලා වෙත තේ ප්‍රවාහනය කිරීම සඳහා ප්‍රතිසංස්කරණය කරන ලදී. මෙම මාර්ගවලින් සමහරක් තේ වතු සහ වනාන්තර හරහා කෙටිමං ලෙස භාවිතා කරන දෘශ්‍යමාන අඩිපාරවලින් යුක්ත වේ.