27.2 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්ගෙන් CID ය ප්‍රශ්න කරයි

සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්ගෙන් CID ය ප්‍රශ්න කරයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලීන් ප්‍ර⁣තිදේහජනක ඖෂධ මෙරටට ගෙන්වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි.

පසුගියදා කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේදී ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ප්‍රතිදේහජනක ඖෂධය මෙරටට ගෙන්වූ බව කියන සමාගමේ හිමිකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

එලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ රත්දොළුගම ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි සැකකරුවෙකි.