31.7 C
Colombo
Wednesday, July 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඊජිප්තු තානාපති හා නාමල් අතර හමුවක්

ඊජිප්තු තානාපති හා නාමල් අතර හමුවක්

ඊජිප්තුව අරාබි ජනරජය සහ ශ්‍රී ලංකාව අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම සඳහා විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

මෙම සාකච්ඡාව පවත්වා ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ශ්‍රී ලංකාවේ ඊජිප්තු අරාබි ජනරජයේ තානාපති Maged Mosleh අතරයි.

ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ සභාපතිත්වයෙන් අද (07) පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදීයි තනපතිවරයාගේ හමුවීම සිදුව ඇත්තේ.

මෙහිදී දෙරට අතර දීර්ඝ කාලීන ව පවතින සබඳතා වැඩිදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳ සුහද සාකච්ඡාවක නිරතව තිබෙනවා.