26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅතරමං වූ අලි පැටවාට ප්‍රදේශවාසීන් කිරි පොවයි

අතරමං වූ අලි පැටවාට ප්‍රදේශවාසීන් කිරි පොවයි

වැල්ලවාය, තෙලුල්ල ගම්මානයට පැමිණි වනඅලි පැටවෙක් අතරමං වී ඇති බව වාර්තා වෙයි.

අප වාර්තාකරු පැවසුවේ ගම්වාසීන් විසින් අලි පැටවා අල්ලාගෙන වනජීවි නිලධාරීන්ට භාර දුන් බවයි.

වැල්ලවාය, තෙලුල්ල ප්‍රදේශයට පැමිණි වනඅලි රංචුවක සිටි කුඩා වනඅලි පැටවෙක් අතරමං වී ගම්මානයේ නිවාස අසලට පැමිණ සිටියදී ප්‍රදේශවාසින් විසින් අල්ලාගෙන තිබේ.

පසුව එම වනඅලි පැටවාට කිරි සහ ආහාර ලබා දී වැල්ලවාය වනජීවි කාර්යාලයේ නිලධාරීන් වෙත භාර දීමට කටයුතු කර ඇති බවයි අප වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.

වැල්ලවාය වනජීවි කාර්යාලයේ නිලධාරීන් විසින් වනඅලි පැටවා උඩවළව ඇත් අතුරු සෙවණ වෙත රැගෙන ගොස් ඇති අතර වනඅලි පැටවා යහපත් සෞඛ්‍ය තත්වයකින් පසුවන බව වනජීවි නිලධාරීන් පවසයි.