27.2 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅර්ජුන ආ සතුටට දඹුල්ලේ ජනතාව කිරිබත් කයි

අර්ජුන ආ සතුටට දඹුල්ලේ ජනතාව කිරිබත් කයි

ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලයක් පත් කිරීම සහ එහි සභාපතිවරයා වශයෙන් හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග පත් කිරීමේ ප්‍රීතිය නිමිත්තෙන් දඹුල්ල ප්‍රදේශයේ ජනයා කිරිබත් පිස, සිය සතුට සමරා තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ අද (07) පෙරවරුවේ දඹුල්ල ප්‍රදේශයේ ජනතාව දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය අසළ කිරිබත් පිස අනුභව කර, රතිඤ්ඤා දල්වමින් මෙලෙස සතුට සැමරූ බවයි.

පැවති ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සේවයෙන් පහකරන ලද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ සේවයේ නියුතු සේවකියින් පිරිසක් ද මේ සඳහා එක්ව සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පැවති ක්‍රිකට් පාලක මණ්ඩලය තහනම් කරමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් නව ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලයක් ඊයේ (06) දිනයේ පත් කරනු ලැබුවා.

හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංගගේ සභාපතිත්වයෙන් යුත් මෙම අතුරු පාලක මණ්ඩලයට සාමාජිකයින් හත්දෙනෙකු ඇතුළත් වනවා.