24 C
Colombo
Monday, October 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅර්ජුන රණතුංග ක්‍රිකට් ආයතනයෙන් පිටව යයි

අර්ජුන රණතුංග ක්‍රිකට් ආයතනයෙන් පිටව යයි

ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සභාපතිවරයා ලෙස අලුතින් පත් කළ අර්ජුන රණතුංග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පිටව ගොස් තිබෙනවා.

ඒ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත්කළ අතුරු පාලක කමිටුව සහ ඊට අදාළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් අද (07) නිකුත් කිරීමත් සමඟයි.

ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සභාපති අර්ජුන රණතුංග ක්‍රිකට් ආයතනයෙන් පිටව යාමට පෙර අද (07) පෙරවරුවේ හිටපු අමාත්‍යවරයෙකුවන නවීන් දිසානායක සමඟ සකච්ඡාවක් ද පවත්වා තිබෙනවා.

අලුතින් පත්කළ ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සභාපතිවරයාට සුබ පැතීම වෙනුවෙන් නවීන් දිසානායක අද දිනයේ මෙලෙස ක්‍රිකට් ආයතනයට පැමිණ ඇති බවයි වාර්තා වුණේ.