― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඊශ්‍රායල - හමාස් යුද්ධය අරඹා අදට මාසයයි

ඊශ්‍රායල – හමාස් යුද්ධය අරඹා අදට මාසයයි

හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට හදිසි ප්‍රහාරය එල්ල කළ අදට (07) මාසයක කාලයක් ගත වනවා.

මෙම ප්‍රහාරයෙන් ඊශ්‍රායල වැසියන් 1400 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 200ක් පමණ පිරිසක් හමාස් සංවිධානයේ ප්‍රාණ ඇපකරුවන් බවට පත් වුණා.

මෙම ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර වශයෙන් හමාස් සංවිධානයට එරෙහිව ඊශ්‍රායල ඇරඹු යුද්ධය මේ වනවිට දරුණු මට්ටමකට පැමිණ තිබෙනවා. හමාස් ත්‍රස්තයින් රැඳී සිටින ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් මේ දක්වා පුද්ගලයින් 10,022ක් මියගොස් ඇති බයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

මෙලෙස මියගිය පිරිස අතර කුඩා ළමුන් 4,104ක් ද සිටින බවයි වාර්තා වන්නේ. ඊශ්‍රායලය විසින් එල්ලකරන ගුවන් ප්‍රහාර උත්සන්න වීමත් සමඟ ගාසා තීරය ‘දරුවන්ගේ සොහොන් පිටියක්’ බවට පත්වෙමින් පවතින බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසනවා.

එලෙස එල්ල කරනු ලබන ප්‍රහාරයන් හමාස් යටිතල පහසුකම් ඉලක්ක කරන බවත්, සිවිල් මරණ අවම කරන බවත් ඊශ්‍රායලය පවසනවා.

මේ අතර ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු එක්සත් ජනපදයේ ABC පුවත් සේවයට පවසා ඇත්තේ සටන අවසන් වූ පසු ඊශ්‍රායලය, ගාසා තීරයේ ‘සමස්ත ආරක්ෂක වගකීම’ දරණු ඇති බවයි.