― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsකොල්කටා පිටියේ කෝලිගේ උපන්දිනය සමරද්දී අශ්වයෙක් මියගිහින්

කොල්කටා පිටියේ කෝලිගේ උපන්දිනය සමරද්දී අශ්වයෙක් මියගිහින්

ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලිගේ 35 වන උපන්දින සැමරුම පසුගිය ඉරිදා (05) උත්කර්ෂවත් අන්දමින් කොල්කටා නුවර ඊඩ්න් ගාර්ඩන් ක්‍රීඩාංගනයේදී සමරනු ලැබුවා.

එම සැමරුමේ ප්‍රීතිය දෙගුණ තෙගුණ වුණේ ලෝක කුසලාන තරගාවලියේ දකුණු අප්‍රිකාව සමඟ එදින පැවති තරගයේදී විරාට් කෝලි සිය 49 වන ජාත්‍යන්තර එක්දින ශතක වාර්තා කිරීම හා දකුණු අප්‍රිකා පිළට දරුණු පරාජයක් අත්කර දීමට ඉන්දීය කණ්ඩායමට හැකිවීමත් සමඟයි.

මෙම සුවිශේෂී අවස්ථා තුන සැමරීමට බෙංගාල ක්‍රිකට් සංගමයට (CAB) අවශ්‍ය වූ නිසා ඊඩ්න් ගාර්ඩන් පිටියෙන් පිටත ගිනිකෙළි සංදර්ශනය පැවැත්වීමට ඔවුන් කටයුතු කර තිබුණා.

ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණයෙන් පසු ඇරඹු එම ගිනිකෙළි සංදර්ශනය ඉතා අලංකාරවත් ස්වරුපයක් ගත්තා. එලෙස ගිනිකෙළි සංදර්ශනය පැවැත්වෙන අතර වාරයේ ඊඩ්න් ගාර්ඩන් ක්‍රීඩාංගණයෙන් පිටත සිදුවූ ඉතා අවාසනාවන්ත සිදුවීමක් පිළිබඳව ඉන්දීය මාධ්‍ය අද වාර්තා කර තිබුණා.

ඒ කොල්කටා මවුන්ටඩ් පොලිසියේ අශ්වයෙකු මෙම ගිනිකෙළි පිපිරවීම හේතුවෙන් හදිසි හෘදයාබාධයකින් මිය යාමේ පුවතයි. ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පතේ වාර්තාවකට අනුව මෙම අශ්වයා ක්‍රිකට් ක්‍රීඩාංගණයෙන් පිටත රාජකාරියේ යොදවා සිටිය දී මෙලෙස මියගොස් ඇති බවයි මේ වනවිට තොරතුරු වාර්තා වී ඇත්තේ.

අනිමේෂ් චක්‍රබෝර්ති නමැති පොලිස් අශ්වාරෝහකයා සමඟ එම අවස්ථාවේ මෙම අශ්වයා රැඳී සිට ඇති අතර එලෙස අවාසනාවන්ත ලෙස මිය යනවිට අශ්වයාගේ වයස අවුරුදු 05 යි මාස 10ක්.

මේ අතර බෙංගාල ක්‍රිකට් සංගමයේ ලේකම් නරේෂ් ඕජා ද පැවසුවේ රතිඤ්ඤා පිපිරවීම සඳහා දූෂණ පාලන මණ්ඩලයෙන් සහ කල්කටා පොලිසියෙන් පූර්ව අවසරයක් ලබාගෙන තිබූ බවයි.