මැතිවරණ ක්රමය සංශෝධනය කිරීමට අදාලව ජනාධිපති රනිල් වික්රමසිංහ හෙට (08) පාර්ලිමේන්තුවේදි විශේෂ ප්රකාශයක් කිරීමට නියමිතය.
මැතිවරණ ක්රමය සංශෝධනය කිරීම, ඊට අදාලව නීති සැලසීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් පිහිට වූ පරීක්ෂණ කොමිෂන් සභාවේ නිර්දේශ සාර්ථක වුවහොත් එළඹෙන පළමු ජාතික මැතිවරණයේදීම එම නව ක්රමය යටතේ මැතිවරණය පැවැත්විය හැකිදැයි සොයා බලන ලෙස ජනාධිපතිවරයා අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ.
එමෙන්ම ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ මාස හයක් වැනි කෙටි කාලයක් ඇතුළත නව ක්රමයට අදාල කෙටුම්පත සකසන ලෙසයි.