32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsදිස්ත්‍රික්ක 06කට තවදුරටත් නායයෑමේ අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 06කට තවදුරටත් නායයෑමේ අනතුරු ඇඟවීම්

අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 06කට පනවා ඇති නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කර තිබේ.

බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ සහ හල්දුම්මුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සහ මහනුවර දිස්ත්‍රික්කයේ තුම්පනේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා අදියර දෙක යටතේ නිකුත් කළ නායයෑම් අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක වනවා.

ඊට අමතරව හම්බන්තොට, මහනුවර, කෑගල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහාද අදියර එක යටතේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත්කර තිබෙනවා.

මේ අතර නායයෑමේ අවදානමක් හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ බෙරගල – හල්දුම්මුල්ල අතර බත්ගොඩ ප්‍රදේශයේ පවුල් 42ක් ඉවත් කර ඇති බව වාර්තා වනවා.

මෙම පවුල් 42න් කොටසක් ප්‍රදේශයේ පාසලක සහ අනෙක් පිරිස ඔවුන්ගේ ඥාතී නිවාසවල සිටින බවයි බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේරත්න සඳහන් කළේ.