― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsරජයේ සේවකයන්ගේ වැටුප් වැඩිකිරීම ගැන ප්‍රකාශයක්

රජයේ සේවකයන්ගේ වැටුප් වැඩිකිරීම ගැන ප්‍රකාශයක්

රජයේ සේවකයන්ගේ හා විශ්‍රාමිකයන්ගේ වැටුප් ඉදිරි අයවැයෙන් වැඩි කිරීමට කටයුතු කරන බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය ඉතාමත්ම ධෛර්යමත් ප්‍රකාශයක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

එහිදී අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ රටේ ආර්ථික අවපාතයක් පවතින විට, උද්ධමනය ඉහළ ගිය අවස්ථාවක එසේ ඉහළ ගිය උද්ධමනය පාලනය කිරීමට විවිධ තීන්දු තීරණ ගන්නා විට ස්ථිර ආදායමක් ලබන ප්‍රජාව විශාල ලෙස අපහසුතාවයට පත් වන පිරිස බවයි.

එයින්ද රාජ්‍ය සේවකයා යනු ප්‍රධාන කොටසක් බව සඳහන් කළ අමාත්‍යවරයා, ඔවුන් දැඩි ලෙස අපහසුතාවයට පත්ව සිටින බව සඳහන් කර සිටියා.

මීට වසරකට පෙර රාජ්‍ය සේවකයාගේ සහ විශ්‍රාමිකයාගේ මාසික වැටුප ගෙවා ගැනීමේ අභියෝගයට පවා මුහුණ දී සිටි රටක රාජ්‍ය සේවක වැටුප අවස්ථා දෙකකට ගෙවූ රටක, රාජ්‍ය සේවක වැටුප වැඩිකරන බව රාජ්‍ය නායකයා විසින් ප්‍රකාශ කිරීමම අසීරු එහෙත් ධෛර්ය සම්පන්න ප්‍රකාශයක් බවයි අමාත්‍යවරයා පැවසුවේ.

ඒ අනුව රාජ්‍ය සේවකයන් ලක්ෂ 14ක් සහ විශ්‍රාමිකයින් ලක්ෂ 06 සඳහා මාසයකට රුපියල් 10.00 කින් වැටුප වැඩි කළත් ඒ සඳහා රුපියල් කෝටි දෙකක් වැඩිපුර අවශ්‍යවන බව අමාත්‍යවරයා එහිදී පැහැදිලි කළා.

එම අයගේ වැටුප මසකට රුපියල් 100.00 කින් වැඩි කළහොත්, වැඩිකළ වැටුප ගෙවීම සඳහා පමණක් මසකට රුපියල් කෝටි 20 වැඩිපුර අවශ්‍ය වෙන බවත්, මසකට රුපියල් 1000 කින් වැටුප වැඩි කළහොත් ඒ සඳහා මසකට රුපියල් බිලියන දෙකක මුදලක් වැඩිපුර අවශ්‍ය වන බව ද සඳහන් කර සිටියා.

කෙසේ වෙතත් රජය එම සියළු අභියෝගවලට ධෛර්ය සම්පන්නව මුහුණ දෙමින් සිටින බව ද අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කළා.