32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsරට රැකියා සිහින බොඳ කළ ටෙලි නළුවෙක් අත්අඩංගුවට

රට රැකියා සිහින බොඳ කළ ටෙලි නළුවෙක් අත්අඩංගුවට

විදේශ රැකියා ඒජන්සියක් පවත්වාගෙනයන බව පවසා පුද්ගලයින්ගෙන් කෝටි ගණනක මුදලක් වංචා කළ ටෙලි නාට්‍ය සහාය නළුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සන්තකයේ තිබී ව්‍යාජ වීසා, ව්‍යාජ ගුවන් ටිකට්පත් සහ ව්‍යාජ ලිපි ලේඛන පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

සැකකරු තවත් පුද්ගලයකුගෙන් මුදල් ලබාගැනීම සදහා පිටකොටුව ප්‍රදේශයට පැමිණෙන බවට ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට ලද තොරතුරක් මත උපාය දූතයන් යොදා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවසීය.

එම සැකකරු ඉතාලියේ වීසා බලපත් සහ ගුවන් ටිකට්පත් පෙන්වමින් රුපියල් ලක්ෂ 5 සිට ලක්ෂ 20 දක්වා දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන්ගෙන් මුදල් වංචාකර සුඛෝපභෝගී හෝටල්වල රැඳීසිට ඇති බවයි.

පොලිස් පරීක්ෂණවලදී අණාවරණය වී ඇත්තේ ඉතාලියේ වීසා බලපත්‍ර සහ ගුවන් ටිකට්පත් පෙන්වමින් පුද්ගලයින්ගෙන් රුපියල් ලක්ෂ 05 සිට ලක්ෂ 20 දක්වා මුදල් සැකකරු වංචාකර ඇති බවයි.

එලෙස වංචාකර ලබාගත් මුදල්වලින් ඔහු සුඛෝපභෝගී හෝටල්වල රැඳී සිටිමින් කැසිනෝ ක්‍රීඩාවල නිරත වී ඇති බවට අනාවරණය වී තිබෙනවා. මෙම වංචාවන්ට සම්බන්ධ බව කියන තවත් පුද්ගලයෙක් කිරිබත්ගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක සැඟව සිටිය දී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධියේ ප්‍රධාන සැකකරුවන ටෙලි නාට්‍ය නළුවා තමා සිටින ස්ථානය හඳුනාගත නොහැකි වන පරිදි වට්සැප් තාක්ෂණය ඔස්සේ සූක්ෂම අන්දමින් මෙම ගනුදෙනු කර ඇති බවයි වාර්තා වන්නේ.