25.6 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිදේශිකයෙකුගේ නිවසේ CCTV කැමරාවත් උස්සලා

විදේශිකයෙකුගේ නිවසේ CCTV කැමරාවත් උස්සලා

අලුත්ගම, පාදාගොඩ, පින්හේන ප්‍රදේශයේ පිහිටි විදේශිකයෙකුට අයත් නිවසක ආරක්ෂාව සඳහා සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරා පද්ධතියේ කැමරා 06ක්, වතුර මෝටරයක් ඇතුළු ලක්ෂ දෙකහමාරක පමණ දේපළ සොරාගත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

32 හැවිරිදි සැකරුවෙක් ඊයේ (06) අලුත්ගම පොලිසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධික ලෙස මත්කුඩු පානයට ඇබ්බැහි වී සිටින අයෙක් බවයි පොලිසිය පැවසුවේ.

සැකකරුට විරුද්ධව මීට පෙර මත්කුඩු හා සොරකම් සම්බන්ධයෙන් නඩු පහක් විභාගවෙමින් පවතින බවට ද අනාවරණය වී තිබෙනවා. මොහු විසින් මීට පෙර පින්හේන, පාදාගොඩ ආදී ප්‍රදේශවල වගා බිම්වල එළවළු, පොල් සහ පුවක් සොරකම් කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙලෙස සොරාගත් භාණ්ඩ බේරුවල, දර්ගා නගරය, පිංහේන යන ප්‍රදේශවල පුද්ගලයින්ට ඉතා ආධු මුදලකට අලෙවිකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු අද (07) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.