― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsශ්‍රී ලාංකිකයින් 10,000කට ඊශ්‍රායලයේ රැකියා

ශ්‍රී ලාංකිකයින් 10,000කට ඊශ්‍රායලයේ රැකියා

ඊශ්‍රායලයේ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයට ශ්‍රී ලාංකික සේවකයන් 10,000ක් ගෙන්වා ගැනීමට අදාළ ගිවිසුමට අත්සන් තබා තිබෙනවා.

පසුගිය ඔක්තෝබර් මස 07 වැනිදා ඊශ්‍රායලයට එල්ල වූ හමාස් සටන්කාමීන්ගේ ප්‍රහාරයත් සමඟ ඇරඹි ඊශ්‍රායල යුද්ධයෙන් එරට කෘෂිකර්මාන්තයට දරුණු බලපෑමක් එල්ල වීම හේතුවෙනුයි ඔවුන් මෙලෙස ශ්‍රී ලාංකිකයින් 10,000කට රැකියා ලබාදීමට තීරණය කර ඇත්තේ.

ඊශ්‍රායල විදේශ කටයුතු අමාත්‍යංශයේදී ඊශ්‍රායල ස්වදේශ කටයුතු අමාත්‍ය මොෂේ අබෙල් සහ ශ්‍රී ලාංකික නියෝජිතවරයා අදාළ ගිවිසුමට මෙලෙස අත්සන් තබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම ගිවිසුමට අනුව කෘෂි කාර්මික සේවා සඳහා වහාම ශ්‍රී ලාංකික සේවකයන් 10,000 ක් ගෙන්වා ගැනීමට ඊශ්‍රායලයට අවස්ථාව ලැබෙනු ඇති.

ඊශ්‍රායල යුද්ධය හේතුවෙන් කෘෂිකර්මාන්තයේ නියැලි සේවකයන් 8000 ක් පමණ ඊශ්‍රායලය හැර දමා ගොස් ඇති බවත් තවත් කෘෂි කර්මාන්තයේ නියැලි පලස්තීන සේවකයන් 20,000කට පමණ ඊශ්‍රායලයට ඇතුළු වීම තහනම් කර ඇති බවත් ඒ හේතුවෙන් ඊශ්‍රායලයේ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ දරුණු සේවක හිඟයක් ඇති වී තිබෙන බවත් ග්ලෝබ්ස් පුවත්පත වාර්තා කර ඇත.

ඒ අනුව මෙම ගිවිසුම ප්‍රකාරව එළඹෙන සති කිහිපයේදී ශ්‍රී ලාංකික සේවකයන් ඊශ්‍රායලයට පැමිණෙනු ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.