29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsෂකීබ්ට ලෝක කුසලාන තරගාවලිය අහිමි වෙයි

ෂකීබ්ට ලෝක කුසලාන තරගාවලිය අහිමි වෙයි

බංග්ලාදේශ නායක ෂකීබ් අල් හසන් එක්දින ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්කර තිබෙනවා.

ඔහුගේ වම් දබර ඇඟිල්ලේ ඇති වූ ආබාධයක් හේතුවෙන් බංග්ලාදේශ නායකයා මෙලෙස තරගාවලියෙන් ඉවත්කර ඇති බවයි වාර්තා වන්නේ.

දිල්ලි හිදී ශ්‍රී ලංකාවට එරෙහිව ඊයේ (06) පැවති තරගයේ පන්දුවට පහර දෙමින් සිටිය දී ෂකීබ් අල් හසන් මෙලෙස ආබාධයට ලක් වුණා.

තරගයෙන් පසු ඔහු දිල්ලියේදී හදිසි එක්ස් රේ පරීක්ෂාවකට භාජනය කර ඇති අතර, එහිදී ඔහුගේ වම් දබර ඇඟිල්ලේ අස්ථි බිඳීමක් සිදුව ඇති බවට තහවුරු වී තිබෙනවා.

ඒ අනුව ඔහුට සති තුනක පමණ කාලයක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත්ව සිටීමට සිදුවන බවයි බංග්ලාදේශ පිළේ ශාරීරික වෛද්‍ය බයිජෙදුල් ඉස්ලාම් ඛාන් පැවසුවේ.

මේ හේතුවෙන් ඔහු අද (07) දිනයේ යළි බංග්ලාදේශය බලා පිටත්කර යැවීමට කටයුතු කර තිබෙනවා.

කෙසේ වෙතත් බංග්ලාදේශ කණ්ඩායම මේ වනවිටත් තරගාවලියෙන් නිල වශයෙන් ඉවත්ව ඇති අතර ලීග් අදියරේ ඔවුන්ට ක්‍රීඩා කිරීමට තවත් එක් තරගයක් ඉතිරිව පවතිනවා.

ඒ නොවැම්බර් 11 වනදා පූනේහි දී ඕස්ට්‍රේලියාවට එරෙහිවයි.